අගමැති අද දළදා සමිඳුන් වැඳ පුදා ගනී

by Staff writer 28-12-2018 | 7:07 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේ ය.

මහනුවරට පැමිණි අග්‍රාමාත්‍යවරයා මුලින්ම අස්ගිරි මහා විහාරයට ගොස් සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නා හිමියෝ බැහැදුටුහ. අනතුරුව ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අග්‍රාමාත්‍යවරයා දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේ ය. මේ අතර මල්වතු විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකෙරුණු වැලිවිට ශ්‍රී සංඝරාජ අනුස්මරණ දාන ශාලාව විවෘත කරමින් පැවැති දහවල් දානමය පුණ්‍ය කර්මයටද අග්‍රාමාත්‍යවරයා ඇතුලු පිරිස සහභාගි විය.