පොලීසියට විරුද්ධව දෛනිකව පැමිණිලි 50 ක්

පොලීසියට විරුද්ධව දෛනිකව පැමිණිලි 50 ක්

by Staff writer 27-12-2018 | 7:06 AM

COLOMBO (News 1st) - පොලිස් නිලධාරීන්ට සහ පොලීසියට විරුද්ධව දෛනිකව පැමිණිලි 50 කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බව ජාතික පොලිස් කොමිසම පවසයි.

එහි සභාපති ජී. එච්. මනතුංග මහතා සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ එවැනි පැමිණිලි 600 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි. ජාතික පොලිස් කොමිසමේ සභාපති ජි. එච්. මනතුංග මහතා පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති තිබේ. මේ අතර ජාතික පොලිස් කොමිසමේ ප්‍රධාන කාර්යාලයට පැමිණීමකින් තොරව, මහජනතාවට පළාත් මට්ටමින් පැමිණිලි ඉදිරිපත් කළ හැකි නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව ද ජාතික පොලිස් කොමිසම ප්‍රකාශ කළේ ය. එහි සභාපති ජී. එච්. මනතුංග මහතා පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආධාර යටතේ එම නව ක්‍රමවේදය හඳුන්වාදෙන බවයි. පළාත් මට්ටමින් ලැබෙන පැමිණිලි විමර්ශනට පළාත් කණ්ඩායම් යොමු කෙරෙනු ඇති. සභාපතිවරයා ප්‍රකාශ කළේ, පැමිණිල්ලේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සහ එහි ප්‍රගතිය පිළිබඳ පැමිණිලිකරුට ඕනෑම අවස්ථාවක දැනගැනීමට ද එමගින් අවස්ථාව හිමිවන බවය. මෙම නව වැඩපිළිවෙළ ලබන වසරේ පළමු මාස දෙක ඇතුළත ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසූවේ ය.