කළහකාරී සිදුවීම් විමර්ශනයට පත් කළ කමිටුව අද රැස්වේ

පාර්ලිමේන්තුවේ ඇති වූ කළහාකාරී සිදුවීම විමර්ශනයට පත් කළ කමිටුව අද යළි රැස්වෙයි

by Staff writer 27-12-2018 | 6:51 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ ඇති වූ කළහාකාරී සිදුවීම් පිළිබඳ විමර්ශනයට පත් කළ කමිටුව අද යළි රැස්වෙයි.

එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, පෞද්ගලික මාධ්‍ය ආයතන මගින් ලබා ගත් දර්ශන පිළිබඳ අධ්‍යනයට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පත් කර ඇති බවයි. අද එම කමිටුව හමුවට මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද කැඳවා ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.