ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 104 කට සීමා වෙයි

නවසීලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාව ලකුණු 104 කට සීමා වෙයි

by Staff writer 27-12-2018 | 9:28 AM

ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවැනි දිනටත් ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වේ.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය පන්දුවාර 57 ක් අවසානයේදී කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 152 කි. ජීත් රවාල් සහ ටොම් ලැතම් නවසීලන්ත පළමු කඩුල්ලට ලකුණු 121ක සබඳතාවක් අද ගොඩනැගුවේ ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය රැස් කළ ලකුණු 178 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 104 කට දැවී ගියේ ය.