ජාඇලදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කෙරේ

ජාඇලදී තියුණු ආයුධයකින් පහරදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කෙරේ

by Staff writer 27-12-2018 | 12:06 PM

COLOMBO (News 1st) - ජාඇල දකුණු නිවන්දගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහු සහ තව ත් පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රි නිවසට පැමිණි සැකකරු මෙම ඝාතනය සිදු කර ඇති බවයි. ඝාතනයට ලක් ව ඇත්තේ 49 හැවිරිදි ජාඇල දකුණු නිවන්දම ප්‍රදේශයේ පදිංචි නාරාහේන්පිට පොලිස් රෝහලට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි. සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.