ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම: සැකකාරියක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට

by Staff writer 27-12-2018 | 11:53 AM

COLOMBO (News 1st) - ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය අසළදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තව ත් තිදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඝාතනය සඳහා පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ අනියම් බිරිය ඊයේ පස්වරුවේ පමුණුගම නුගපේ ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී එලෙස අත්අඩංගුවට ගත් බවයි. පොලිස් නිලධාරීන් ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඝාතනය සිදු කරන අවස්ථාවේදී සැකකරු ඇඳ සිටි කමිසය හා ඔහුගේ ජංගම දුරකතනය පුළුස්සමින් සිට ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. ඊයේ පෙරවරුවේ සිදු කළ වෙඩි තැබීමෙන් මිය ගියේ, 32 හැවිරිදි දිනේෂ් එරංග නැමති කොළඹ 12 හේනමුල්ල නිවාස සංකීර්ණය ලිපිනයේ පදිංචිකරුවෙකි. තුවාල ලැබුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනු ඇත.