ට්‍රම්ප් ඉරාකයේ සිටින අමෙරිකානු සෙබළුන් හමුවෙයි

අමෙරිකානු ජනපති හා ආර්යාව දැනුම්දීමකින් තොරව ඉරාකයේ සිටින අමෙරිකානු සෙබළුන් හමුවෙයි

by Staff writer 27-12-2018 | 8:59 AM

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප්, දැනුම්දීමකින් තොරව ඉරාකයේ සිටින අමෙරිකානු සෙබළුන් හමුවීමට ගොස් තිබේ.

මෙය අමෙරිකානු ජනාධිපතිවරයා ඉරාකයේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව වන අතර ඔහු එහි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරේ පැය 3 ක කාලයක් සිටි බව සඳහන් වේ. නත්තල් දින රාත්‍රියේ අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මෙම සංචාරයේ නිරත වූයේ IS ත්‍රස්තවාදීන් පරාජය කිරීමට ඉරාකයේ සිටින අමෙරිකානු සෙබළුන් කළ සේවයට ඔවුන්ගේ සාර්ථකත්වය සහ කැප කිරීම්වලට ස්තූති කිරීමේ අරමුණින් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.