එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල් යයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල් යයි

by Staff writer 27-12-2018 | 11:35 AM

COLOMBO (News 1st) - අදට නියමිතව තිබු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල් තබා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන පිළිබඳව සාකච්ජා කිරීම සඳහා අද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැඳවා තිබුණි. ඒ පසුගිය 21 වැනි දා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව ගත් තීරණයක් මතයි. අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් රුවන් විජේවර්ධන කමිටු වාර්තාව පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට එහිදී යෝජනා කර තිබුණි. මේ අනුව අද පස්වරුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට සැලසුම් කර තිබුන ද එය පසුදිනක පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ජේ. සි. අලවතුවල මහතා අප කළ විමසීමකදී පැවසුවේ ය.