පළාත් රැසකට අද ත් ගිඟුරුම් සහිත වැසි

පළාත් රැසකට අද ත් ගිඟුරුම් සහිත වැසි

by Staff writer 26-12-2018 | 5:23 PM
COLOMBO (News 1st) : මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ බස්නාහිර සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස 2න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර අද පස්වරුවේ මහනුවර නගරයට අධික වැසි ඇදහැළුණි. අප වාර්තාකරු පැවසුවේ, මහනුවර නගරයට අද පස්වරු 3ට පමණ අධික වැසි ඇදහැළුණු බවයි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු-මැද පළාතේත් ත්‍රීකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රිකවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. විශේෂයෙන් මධ්‍යම සබරගමුව ඌව සහ දකුණු පළාත්වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි සහ බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.