දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් කාන්තාවක මරුට

දක්ෂිණ අධිවේගයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මරුට

by Staff writer 26-12-2018 | 9:30 AM
COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ 33.6 එල් ස්ථානයේදී අද අලුයම සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මිය ගොස් තවත් 4 දෙනෙකු බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සිදුව ඇත්තේ, මාතර දෙසට ධාවනය වූ වෑන් රථයක් දොඩංගොඩ 33.6 එල් ස්ථානයේදී අසළ තිබූ කණුවක ගැටීමෙනි. එකම පවුලේ මව, පියා සහ දරුවන් 3 දෙනෙකු අනතුරට මුහුණ පා තිබේ. අනතුරින් මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි මවයි. අනතුරින් තුවාල ලැබූ 14 හැවිරිදි දැරියක වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසුවේ ය. රියැදුරුට නින්ද යාම අනතුරට හේතු වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.