by Staff writer 26-12-2018 | 11:45 AM
COLOMBO (News 1st) - තංගල්ල, කුඩාවැල්ල මංසන්ධිය අසළදී අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට අද අලුයම පොලීසිය වෙඩි තබා තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, වෑන් රථය නැවැත්වීම සඳහා සංඥා කර තිබියදී මාර්ග බාධකයේ සිටි නිලධාරීන් අනතුරට පත් කොට වෑන් රථය පළා යාමට උත්සහ කර ඇති බව ය.
එහිදී පොලිස් නිලධාරියෙකු වෑන් රථයට වෙඩි තබා තිබේ.
කෙසේ නමුත් එය නොනවත්වා ධාවනය කර පළා ගිය බව පොලීසිය සඳහන් කළේ ය.
වෑන් රථයේ හිමිකරු සොයා තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.