ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 26-12-2018 | 7:10 AM
COLOMBO (News 1st)  1. තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 2. ලංගම හා පෞද්ගලික බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 4% කින් අඩු කිරීමට නියමිතය. 3. අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සමග සැකකරුවෙකු පෑලියගොඩ නවලෝක උද්‍යානය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. 4. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කල්දෙමුල්ල ගයාන් නමැත්තා රත්මලානේදී පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට ගෙන තිබේ. 5. අධිවේගී මාර්ගයේ වාහන ධාවනය පසුගිය වසරට සාපේක්ෂව 15%කින් පමණ ඉහළ ගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. විදෙස් පුවත් 6. සරල බවට මුල් තැන දෙමින් ධනවතුන් හා දිළින්දන් අතර පරතරය අඩු කරලීමට උත්සහ දැරීම වැදගත් බව අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම හිමිපාණන් සිය නත්තල් පණිවුඩයෙන් ජනතාවට දැනුම් දෙයි. ක්‍රීඩා පුවත් 7. ඔලිම්පික් පදක්කම් ලාභීන් තිදෙනෙකු ඇතුළු ක්‍රීඩකයින් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පැනවීමට අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනය තීරණය කර තිබේ.