by Staff writer 26-12-2018 | 5:42 PM
COLOMBO (news 1st) : තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 40 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදුකළ බවයි.
ඊයේ පෙරවරුවේ තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 8 දෙනෙකි.
මුහුණු ආවරණය කර යතුරු පැදියකින් පැමිණි තුවක්කරුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති අතර ටී - 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් වෙඩි තැබීම සඳහා උපයෝගී කරගන්නට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
ධීවරයින් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සැක පළ කෙරෙයි.
මේ අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් 7 දෙනෙක් තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබති.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එක් අයෙකුට ශල්‍යකර්මයක් සිදුකළ අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
6 දෙනෙකු අවශ්‍ය නේවාසිකව ප්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කළේ ය.