සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඉදිකිරීමට සැරසෙයි

ඉන්දුනීසියාව නව සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඉදිකිරීමට සැරසෙයි

by Staff writer 26-12-2018 | 7:48 AM
(News 1st) - නව සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඉදිකිරීමට ඉන්දුනීසියාව සූදානම් වෙයි. ලබන වසරේ හඳුන්වා දීමට නියමිත මෙම පද්ධතියේ විශේෂත්වය වන්නේ, ඊට මුහුද පතුලේ හට ගන්නා නාය යාම් හේතුවෙන් ඇති වන සුනාමි තත්ත්වයන් ද හඳුනාගත හැකි වීමයි. ඉන්දුනීසියාවේ අනාක් ක්‍රැකටෝ ගිනි කඳු විධාරණයෙන් පසු මුහුදු පතුලේ හටගත් නාය යාම් හේතුවෙන් පසුගියදා අනපේක්ෂිත සුනාමියක් ඇති වීමෙන් පසු ඉන්දුනීසියා බලධාරීහු මෙම පියවර ගත්හ. සුනාමියෙන් මිය ගිය පිරිස 429ක් ලෙසට සටහන්ව ඇති අතර සුනාමි අනතුරු ඇඟවීමේ නළා නාද නොවීම, මින් සිදු වූ ජීවිත හානි ඉහළ යාමට හේතුවයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සුනාමියෙන් තවත් පුද්ගලයින් 150 දෙනෙකු අතුරුදන්ව සිටින අතර 16000කට වැඩි පිරිසක් අවතැන්ව සිටින බව ය. අනාක් ක්‍රැකටෝ ගිනි කන්ද යළිත් විධාරණය වීම හමුවේ නැවතත් මෙවැනි සුනාමියක් හට ගැනීමේ අවදානමක් ඇතැයි ඉන්දුනීසියා බලධාරීහු පවසති.