අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කෙරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කෙරේ

by Staff writer 26-12-2018 | 7:22 AM
COLOMBO (News 1st) - ලංගම හා පෞද්ගලික බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 4% කින් අඩු කෙරේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ, මේ අනුව සාමාන්‍ය ,අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තු ද පහළ දමන බව ය. කෙසේ වෙතත් රුපියල් 12ක් වන අවම බස් ගාස්තුවේ වෙනසක් නොවේ. නව බස් ගාස්තු සංශෝධනය අනුව රුපියල් 965ක්ව පැවති වැඩිම සාමාන්‍ය බස් ගාස්තුව රුපියල් 924 දක්වා අඩු කෙරේ. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, බස් ප්‍රමුඛතා මංතීරුව නීත්‍යානුකූලව ක්‍රියාත්මක කළ හොත් අවම බස් ගාස්තුව අඩු කළ හැකි බව ය.