බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්

by Staff writer 25-12-2018 | 9:27 AM
COLOMBO (News 1st) - බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. එහි රථ වාහන හා මාර්ග ආරක්ෂාව කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන්, සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව ය. ගත වූ දින 9ක කාලය තුළ බීමත් රියැදුරන් 2600කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේ ය.