පාතාලේ ගායාන් STF අත්අඩංගුවට

පාතාලේ ගායාන් STF අත්අඩංගුවට

by Staff writer 25-12-2018 | 3:22 PM
COLOMBO (News 1st): සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කල්දෙමුල්ල ගයාන්  නමැත්තා රත්මලානේදී පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට ගෙන තිබේ. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, මෙම සැකකරු ඝාතන 5කට සම්බන්ධ පුද්ගලයකු බවයි. ඔහු අඟුලානේ රොහා  නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ප්‍රධාන ගෝලයෙකි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සංවිධානාත්මක අපරාධ ඒකකයට භාර දී තිබේ.