by Staff writer 25-12-2018 | 9:16 AM
COLOMBO (News 1st) - නත්තල යනු බාහිර ආටෝපයන්ගෙන් ලබා ගන්නා ප්‍රීතියක් නොවන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය නත්තල් පණිවුඩයෙන් ජනතාවට දැනුම් දෙයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ, නැටුම් ගැයුම්වලට වඩා හදවත් තුළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජනිත කිරීම වැදගත් බවය.
යම් අසහනයන්ගෙන් පීඩාවට ලක්ව සිටින කුඩා දරුවන්ව සතුටු කිරීමට නත්තල අවස්ථාවක් කර ගන්නා ලෙස ද කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ ය.