නියං සහනාධාර මල්ලත් කල් ඉකුත් වෙලා

දහඩිය හෙළා ලබා ගත් නියං සහනාධාර මල්ලත් කල් ඉකුත් වෙලා

by Staff writer 25-12-2018 | 1:33 PM
පුත්තලම කරුවලගස්වැව තබ්බෝව ගොවි ජනපදය රටට බත සපයන්නන්ගෙන් සමන්විත ප්‍රදේශයක්. එහෙත් යල මහ කන්න හතරක් වගා නොකල ගොවින් දිවි ගැටගහගන්නේ මහත් අසිරුවෙන්. එවැනි ගොවින් පිරිසකට අත්ව ඇති ඉරණමයි මේ.
"ඒ ලබා දුන්නු බඩු දින පැනපුවා.අදාල නිළධාරීන්ගෙන් විමසුවිට ඒ අය කියන්නේ ඒ අයට අදාල නැහැ මේවා කොලඹින් ආපු බඩු කියලා.අපි ඌරෝ හා සමාන කරලා තමයි බඩු දීලා තියෙන්නේ." - ගොවියෙක්
වියළි කාලගුණය හේතුවෙන්  පුත්තලම කරුවලගස්වැව තේවනුවර තබ්බෝව පාවට්ටමඩුව යන ප්‍ර‍දේශයේ ජනතාවට කන්න හතරකින් වගා කිරීමට නොහැකි විය. ඒ හේතුවෙන් කරුවලගස්වැව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් මොවුන්ට නියං සහනාධාර ලබා දුන්නද ඒවා පරිබෝජනයට නුසුදුසු බව වාර්තා වේ. එම ආධාර ලබා ගැනීමටත්, එම ගොවීන්   දින තුනක් ශ්‍රමදාන සදහාද සහභාගී වීම අනිවාර්ය විය.
"දවස්තුනක් විතර වැඩ කරලා තමයි ඉතින් ගමේ කට්ටියට සේරටම දුන්නේ.උයපුවහම කන්න බෑ ඇලෙනවා බත්.සොයාමීට් කල් ඉකුත් වෙලා ඒවා ඉතින් කන්න බෑනේ." - ගොවියෙක්
දහදිය හෙලා ලබාගත් නියං සහනාධාර මල්ලේ සහල්, සොයාමීට්, තිරිගුපිටි, සිනි, අල සහ හාල්මැස්සන් වැනි වියළි ආහාරවලින් අසුරා තිබුනත් එය භාවිතය නුසුදුසු බව ගොවින් පැවසුවා.
"වියලි සහනාදාරයක් කියලා මේ ලගදි ලබා දුන්නා කට්ටියන්ට.මගේ දරු දෙන්නට කතා කරන්න බෑ.මගේ නෝනා රට කියලා මට ආධාර දුන් නෑ.කණගාටුයි කිසිම බලධාරියෙක් මේ ගැන හොයා බල්න් නැති එක." - ගොවියෙක්