තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමක්

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමක්: 5 දෙනෙක් රෝහලේ

by Staff writer 25-12-2018 | 8:33 AM
COLOMBO (News 1st) - තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් පිරිස තුවාල ලබා ඇති බව ය. ටී 56 ගිනිඅවියක් සහ පිස්තෝලයක් වෙඩි තැබීම සඳහා උපයෝගී කර ගන්නට අතැයි සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, තුවාලකරුවන් මේ වන විට තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව ය. වෙඩි තැබීම සඳහා පැමිණි තුවක්කුකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.