තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමෙන් 4ක් මරුට

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමෙන් 4ක් මරුට

by Staff writer 25-12-2018 | 8:59 AM
COLOMBO (News 1st) - තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධියෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ය. ටී 56 ගිනිඅවියක් සහ පිස්තෝලයක් වෙඩි තැබීම සඳහා උපයෝගී කර ගන්නට අතැයි සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, තුවාලකරුවන් මේ වන විට තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ධීවරයින් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සැක පළ කරන බව ය. වෙඩි තැබීම සඳහා පැමිණි තුවක්කුකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.