අයිස් සමග සැකකරුවෙකු පෑලියගොඩදී අත්අඩංගුවට

අයිස් සමග සැකකරුවෙකු පෑලියගොඩදී අත්අඩංගුවට

by Staff writer 25-12-2018 | 12:38 PM
COLOMBO (News 1st) - අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සමග සැකකරුවෙකු පෑලියගොඩ නවලෝක උද්‍යානය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ය. මෝටර් රථයකින් ගමන් කළ සැකකරු පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බව ද ඔහු පැවසුවේ ය. මේ අතර සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහුගෙන් මෙම මත්ද්‍රව්‍ය ලබා ගැනීමට සූදානමින් සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 980ක් සිය භාරයට ගෙන ඇති බව ය. සැකකරු 39 හැවිරිදි නවලෝක උද්‍යානය, පෑලියගොඩ ලිපිනයේ තාවකාලිකව පදිංචිව සිටි අයෙකි. සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.