ධනවතුන් හා දිළින්දන් අතර පරතරය අඩු කිරීමට උත්සහ දැරීම වැදගත් – පාප් වහන්සේ ජනතාවට දැනුම් දෙයි

ධනවතුන් හා දිළින්දන් අතර පරතරය අඩු කිරීමට උත්සහ දැරීම වැදගත් – පාප් වහන්සේ ජනතාවට දැනුම් දෙයි

ධනවතුන් හා දිළින්දන් අතර පරතරය අඩු කිරීමට උත්සහ දැරීම වැදගත් – පාප් වහන්සේ ජනතාවට දැනුම් දෙයි

කර්තෘ Staff writer

25 Dec, 2018 | 7:10 am

(News 1st) – සරල බවට මුල් තැන දෙමින් ධනවතුන් හා දිළින්දන් අතර පරතරය අඩු කරලීමට උත්සහ දැරීම වැදගත් බව අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම හිමිපාණන් සිය නත්තල් පණිවුඩයෙන් ජනතාවට දැනුම් දෙයි.

මේ අතර වතිකානුවේ ශාන්ත බැසිලිකා දේවස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන සාම්ප්‍රදායික ප්‍රධාන දේව මෙහෙය වෙනුවෙන් පැමිණි දහස් සංඛ්‍යාත පිරිසට එතුමා සිය ආශිර්වාදය පළ කළේ ය.

පාප් වහන්සේ කිතුණු බැතිමතුන්ට මෙහිදී පවසා සිටියේ, පුද්ගලයින් භෞතිකවාදය පසුපස හඹා යමින් ජීවිතය වඩාත් සංකීර්ණත්වයට පත් කර ගෙන ඇති බව ය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් දිළිඳු භාවය තුරන් කිරීම සංකේතවත් කෙරෙන බව ද උන්වහන්සේ මෙහිදී ජනතාවට නැවත මෙනෙහි කර දුන්නේ ය.

මේ අතර ලොව රටවල් රාශියක් මහත් උත්සවශ්‍රීයෙන් නත්තල සැමරුවේ ය.

ජේසුස් වහන්සේගේ උපත සිදු වූ බෙත්ලෙහෙම ඊයේ ලොව දස දෙසින් පැමිණි බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගිය බව සඳහන් ය.

එහි ඉදිකෙරුණු විශාල නත්තල් ගසට සියලු දෙනාගේ අවධානය යොමු වීම විශේෂත්වයකි.

මෙවර ලොව විශාලතම නත්තල් ගස ඉතාලියෙන් වාර්තා වේ.

අඩි 2400ක් උසින් ද අඩි 1500ක පළලකින් ද යුතු මෙය ආලෝක කිරීමට විදුලි බුබුළු 500කට අධික ප්‍රමාණයක් යොදා ගෙන තිබේ.

චීනයේ බීජිංහි ප්‍රධාන කතෝලික දේවස්ථානයේදී නත්තල් දේව මෙහෙය පවත්වමින් නත්තල උත්කර්ෂවත්ව සැමරුවේ ය.

සුපුරුදු පරිදි නත්තල් සැරසිළිවලින් චීනයේ බීජිං නගරය අලංකාරවත් විය.

ඉන්දියාවේ නව දිල්ලියේ කිතුණු බැතිමත්හු ද අද නත්තල සැමරූහ.

මෙක්සිකෝහි කිතුණු බැතිමතුන් ද නත්තල සැමරූ අතර මෙහිදී රාබුවලින් නිර්මාණය කරන ලද නත්තල් නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් පැවැත්විණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]