සිරස නත්තල් කලාපය සාර්ථකව අවසන්

සිරස නත්තල් කලාපය සාර්ථකව අවසන්

by Staff writer 24-12-2018 | 8:36 AM
COLOMBO (News 1st) : කොළඹ 2 බ්‍රේබෘක් පෙදෙසේ පුරා දින තුනක් පැවති සිරස නත්තල් කලාපය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් සාර්ථකව අවසන් විය. ඊයේ පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා ම නත්තල් කලාපයේ සිරි අසිරිය විඳ ගැනීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් සිරස මූලස්ථාන පරිශ්‍රයට පැමිණියහ. වතිකානයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සුරතින් ආශිර්වාද ලත් මරිමවුන්ගේ දේව ප්‍රතිමාව වන්දනාමාන කිරීමට ඊයේ දිනයේත් විශාල පිරිසක් සිරස නත්තල් කලාපයට පැමිණියහ. කුඩා දරුවන් වෙනුවෙන් විශේෂ විනෝදජනක ක්‍රීඩා රැසක් ද සංවිධානය කර තිබූ අතර ඒ අතරින් හිමලන්තයට කුඩා දරුවන්ගේ දැඩි ආකර්ෂණයක් හිමි වීම විශේෂත්වයකි.