ශ්‍රීලනිප ආසන සංවිධායකවරු කොළඹට කැඳවයි

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු කොළඹට කැඳවයි

by Staff writer 24-12-2018 | 6:31 AM
COLOMBO (News 1st) : පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබේ. පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ ජනාධිපති මන්දිරයේදී උදෑසන 9.30 ට එම හමුව පැවැත්වෙනු ඇති බවයි. ආසන සංවිධායකවරුන් ඇතුළු 300ක පමණ පිරිසක් ඊට සහභාගී වනු ඇති බවට අපේක්ෂා කරන බව ද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.