ලීග් රග්බි තරගාවලියේ ජය හැව්ලොක් කණ්ඩායමට

ලීග් රග්බි තරගාවලියේ ජය හැව්ලොක් කණ්ඩායමට

by Staff writer 24-12-2018 | 9:30 AM
COLOMBO (News 1st) : අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් කණ්ඩායම සමග පැවති තරගයෙන් ගුවන් හමුදා කණ්ඩායම පරාජය විය. බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය ආරම්භයේදී දෙපිළෙන්ම තියුණු තරගයක් දක්නට ලැබිණ. එම අර්ධයේ පෙරමුණ ගත්තේ ගුවන් හමුදා කණ්ඩායමයි. ඔවුහු පළමු අර්ධයේදී ලකුණු 22ක් රැස් කළහ. හැව්ලොක් කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 21කි. කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී හැව්ලොක් ක්‍රීඩකයෝ දක්ෂතා අතරට පිවිසියහ. ඔවුහු එම අර්ධයේදී ලකුණු 9ක් රැස් කළහ. ගුවන් හමුදා කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 4ක් පමණි. ඒ අනුව ලකුණු 31ට 25ක් ලෙස හැව්ලොක් කණ්ඩායම තරගය ජය ගත්තේ ය. හැව්ලොක් කණ්ඩායම එම ලකුණු 31 රැස් කළේ, උත්සාහක දිනුම් 4ක්, ප්‍රවර්ථන 4ක් සහ දඬුවම් පහරක් මගිනි. ලිස්ටන් ෆ්ලැන්ටි, සිතුම් පීරිස්, චාමර දාබරේ සහ අස්මීර් ෆජුඩීන් හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ප්‍රින්ස් චාමර දඬුවම් පහරට හිමිකම් කීවේ ය.