නවාස් ෂරීෆ් වසර 7 කට බන්ධනාගාරයට

නවාස් ෂරීෆ් වසර 7 කට බන්ධනාගාරයට

by Staff writer 24-12-2018 | 4:35 PM

හිටපු පකිස්ථානු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ට වසර 7 කට බන්ධනාගාරගත කර තිබේ.

එරට මහාධිකරණයක් විසින් මෙම දඬුවම නියම කළේ, පෙර පැවති දූෂණ චෝදනාවලට අමතරව තව ත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔහු වරදකරුවීම හේතුවෙනි. මීට පෙරද දූෂණ චෝදනා එල්ලවීම හමුවේ ඔහු සිර දඬුවමට ලක් වූ අතර පසුව ඔහු ඇප මත මුදා හැරුණි. කෙසේවෙතත් අද අධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ප්‍රකාශ කළේ මෙම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.