by Staff writer 24-12-2018 | 3:37 PM
COLOMBO (News 1st) - දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 4035 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ නියමයෙන් ඊයේ රාත්‍රි 10.00 සිට අද අලුයම 2.00 දක්වා මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
එහිදි බීමත් රියැදුරන් 1122 ක් වරෙන්තුකරුවන් 885 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
රථ වාහන වැරදී සම්බන්ධයෙන් රියැදුරන් 5550 කට එරෙහිව නඩු පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය.