by Staff writer 24-12-2018 | 7:27 AM
COLOMBO (News 1st) : ඉන්දුනීසියාවේ අනාක් ක්‍රැකටෝ ගිනිකන්ද යළිත් වරක් විදාරණය වීම හමුවේ නැවතත් සුනාමි තත්ත්වයක් හටගනු ඇතැයි බිය පළවී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් ඉන්දුනීසියා වෙරළබඩ ජනතාවට වෙරළින් ඈත්ව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එරට ආපදා කළමනාකරණ බලධාරීන් දැනුම් දී ඇති බවයි.
ඊයේ ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත්වල වෙරළබඩ නගරවලට කඩාවැදුණු සුනාමි රළ හමුවේ පුද්ගලයන් 222 කු මියගොස් 843 කු තුවාල ලැබීය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉකුත් සිකුරාදා අනාක් ක්‍රැකටෝ ගිනිකන්ද විදාරණය වීමෙන් මුහුදු පතුලේ ඇතිවූ නායයාම් මෙම හදිසි සුනාමි තත්ත්වයට හේතුවී ඇති බවයි.
ඊයේ ද අනාක් ක්‍රැකටෝ ගිනිකන්දෙන් අළු සහ දුමාරය ඉහළ අහසට විදිනු දර්ශනය විය.
1927 වසරේ ක්‍රැකටෝවා ගිනිකඳු පිපිරීමෙන් හටගත් අනාක් ක්‍රැකටෝ ගිනිකන්දේ සක්‍රිය භාවය ඉකුත් මාස කිහිපය තුළ වර්ධනය විය.
ඊයේ හටගත් සුනාමියේදී ඉන්දුනීසියාවේ අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියානො කළ බව මීට පෙර වාර්තා වූ නමුත් ඉන්දුනීසියා බලධාරීන් පවසන්නේ ඇතැම් ප්‍රදේශවල මෙම අනතුරු ඇඟවීමේ නලා ක්‍රියාත්මක වී ඇති බවයි.