සා / පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අදින් ඇරඹේ

සා / පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අදින් ඇරඹේ

by Staff writer 23-12-2018 | 7:33 AM

COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ පළමු අදියර අද ආරම්භ වේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත්. බි. පූජිත මහතා සඳහන් කළේ, මධ්‍යස්ථාන 108 කදී පැවැත්වෙන උත්තර පත්‍ර ඇගයීමේ පළමු අදියර ලබන පළමුවැනිදා දක්වා පැවැත්වෙන බවයි. සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියර ජනවාරි 08 වන දා සිට ජනවාරි 17 වන දා දක්වා ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය.