සංවිධානාත්මක අපරාධකරුවෙක් හංවැල්ලේදී STF භාරයට

සංවිධානාත්මක අපරාධකරුවෙක් හංවැල්ලේදී STF භාරයට

by Staff writer 23-12-2018 | 2:07 PM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සිසිර කුමාර නොහොත් 'බුලා' නැමති සැකකරු හංවැල්ලේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

පොලීසිය සඳහන් කළේ, අද උදෑසන කළ මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු හංවැල්ල ප්‍රදේශයේ කප්පම් ගැනීම් ගණනාවකට සම්බන්ධ ඌරුජුවා නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධාන ගෝලයකු බව තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අත්බෝම්බයක් සහ හෙරෝයින් ග්‍රෑම් 2 ක් ද සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට භාරදී ඇත.