ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු හෙට කොළඹට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු හෙට කොළඹට

by Staff writer 23-12-2018 | 7:54 AM

COLOMBO (News 1st) - එක්සත් ජනතා නිදහස් සන්ධාන සංවිධායක කමිටුව හෙට පෙරවරුවේ රැස්වීමට නියමිත වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීම පැවැත්වෙන බවයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් හෙට පැවැත්විමට නියමිත ය. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, එහිදී පක්ෂ ප්‍රතිසංවිධානය සහ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.