වොක්ෂෝල් වීදියේ ගින්න මැඩ පවත්වයි

Update : වොක්ෂෝල් වීදියේ ගින්න මැඩ පවත්වයි: නිවීම් සේවා නිලධාරියෙකු රෝහලට

by Staff writer 23-12-2018 | 12:34 PM
COLOMBO (News 1st) : කොළඹ වොක්ෂෝල් වීදියේ ලී බඩු ගබඩාවක හටගත් ගින්න පාලනය කර තිබේ. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිය ගිනි නිවීම් සේවා නිලධාරියෙකු ශ්වසන අපහසුතාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ බවයි. ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 10 ක් යොදා ගැනිණ. ඒ සඳහා ගුවන් හමුදාවේ සහය ලබා ගත් බව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසී ය. අද පෙරවරු 11 .30 ට පමණ හටගත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

..............................................................................................................

COLOMBO (News 1st) - කොළඹ වොක්ස්ෂෝල් වීදියේ ලී බඩු ගබඩාවක ගින්නක් හටගෙන තිබේ.

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සේවා රථ 10 ක් පිටත් කර හැර ඇති බවයි. අද පෙරවරු 11 .30 ට පමණ ගින්න වාර්තා වී ඇත. මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.