by Staff writer 23-12-2018 | 11:36 AM
COLOMBO (News 1st) - කුරුවිට බන්ධානාගරයේ සිටි රැඳවියකු ගෙල වැලලාගෙන මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, වැලලාගෙන බරපතළ තත්ත්වයේ පසු වූ එම රැඳවියා රත්නපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය.
මියගොස් ඇත්තේ, රුවන්වැල්ල පොලමුල්ල, ලිපිනයේ පදිංචිකරුවෙකි.
ඔහුගේ ශරීරය රත්නපුර රෝහලේ තැන්පත් කර ඇති අතර කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කෙරෙනු ඇති.