නව සන්ධානය පිළිබඳ අවසන් තීරණය ලබන 27 වන දා

නව දේශපාලන පක්ෂය පිහිටුවීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මූලික අනුමැතිය

by Staff writer 23-12-2018 | 8:04 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩනගන නව සන්ධානය පිළිබඳ අවසන් තීරණය ලබන 27 වන දා රැස්වන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එහි මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, පසුගිය සිකුරාදා රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඊට අවශ්‍ය මූලික අනුමැතිය ලබා දුන් බවයි.