by Staff writer 23-12-2018 | 11:00 AM
COLOMBO (News 1st) - ඌරුබොක්ක - කැකුන්දෙණිය දොළ රක්ෂිතයේ පුරා වස්තු කැනීම් කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සමග නිදන් හැරීමට යොදාගත් උපකරණ ද සිය භාරයට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරවක, වීරකැටිය, කැකුන්දෙණිය, ඌරුබොක්ක ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ඔවුන් අද මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.