ආසියානු චිත්‍රපට උළෙල හෙට ඇරඹෙයි

ආසියානු චිත්‍රපට උළෙල හෙට ඇරඹෙයි

by Staff writer 23-12-2018 | 10:20 AM

ආසියානු චිත්‍රපට උළෙල හෙට ඉන්දියාවේදී ඇරඹීමට නියමිත වේ.

හෙට සිට දින 6 ක් පුරා පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙලේදී ආසියාවේ රටවල් 10 ක් නියෝජනය කරමින් චිත්‍රපට 40 ක් ප්‍රදර්ශනය කෙරෙනු ඇති. ඒ අනුව හෙටින් ඇරඹෙන ආසියානු චිත්‍රපට උළෙලේ ආරම්භක චිත්‍රපටය, කරීම් ඕස් අධ්‍යක්ෂණය කළ සේර් නැමති තුර්කි චිත්‍රපටයයි. ආසියානු පුද්ගලයන්ගේ සංස්කෘතිය සහ ජීවන රටාව පදනම් කරගත් සිනමා නිර්මාණ වෙත ආසියානු සිනමා උළෙලේදී අවධානය යොමු කෙරෙනු ඇත.