වසරේ ගත වූ කාලය තුළ බීමත් රියැදුරන් 90,000 ක් අත්අඩංගුවට

වසරේ ගත වූ කාලය තුළ බීමත් රියැදුරන් 90,000 ක් අත්අඩංගුවට

වසරේ ගත වූ කාලය තුළ බීමත් රියැදුරන් 90,000 ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

23 Dec, 2018 | 7:19 am

COLOMBO (News 1st) – වසරේ ගත වූ කාලය තුළ බීමත් රියැදුරන් 90,000 ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, එය ගිය වසරට සාපේක්ෂව 15,000 ක වැඩිවීමක් බවයි.

දෛනිකව බීමත් රියැදුරන් 400 – 450 අතර පිරිසක් අත්අඩංගුවට ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, කොළඹ නගරයෙන් පමණක් දෛනිකව බීමත් රියැදුරන් 50 දෙනෙකු පමණ අත්අඩංගුවට පත්වන බවය.

මේ අතර උත්සව සමයේ බීමත්ව රිය ‍ධාවනය ඇතුළු මාර්ග නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එය ලබන 15 වන දා දක්වා ක්‍රියාත්මක වනු ඇති.

උත්සව සමයේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1000 ක් යොදවා ඇතැයි ද ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]