by Staff writer 22-12-2018 | 9:02 PM
COLOMBO (News 1st) - සාමයේ පණිවුඩය සමග උදාවන අසිරිමත් නත්තලට ඇත්තේ තව දින 3ක් පමණි.
ඒ නිමිත්තෙන් සංවිධාන කරන රටම සරසන සිරස නත්තල් කලාපය අද පස්වරුවේ දෙවැනි දිනටත් ජනතාව වෙනුවෙන් විවෘත කෙරිණි.
කොළඹ 2 බේබෘෘක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලය අවට කලාපයේ සිරස නත්තල් කලාපය ඉදිකර තිබේ.
එය දෙවැනි දිනටත් ජනතාව වෙනුවෙන් විවෘත කිරීම අද පස්වරුවේ සිදු කෙරුණේ, ලංකා සභාවේ කොළඹ රදගුරු අතිඋතුම් දිලෝරාජ් කනගසබේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.
රෝමයේ වතිකානයේදී ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම හිමිපාණන් ආශිර්වාද ගැන්වූ දේව මාතා පිළිරුව දැක බලා ගැනීමට අදත් බැතිමතුන් විශාල පිරිසක් සිරස නත්තල් කලාපයට පැමිණියහ.
දැවැන්ත නත්තල් ගසක් ද මෙවරත් සිරස නත්තල් කලාපයේ ඉදිකර ඇති අතර කුඩා දරුවන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂාංග රැසකින් ද නත්තල් කලාපය සමන්විත ය.