by Sagarika Chathumali 22-12-2018 | 9:20 AM
COLOMBO (News 1st) : පවතින අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඔඩ්ඩුසාඩන් ,ඔරුවක්කායි සහ මාන්කුලම් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පවුල් 180 කට අධික සංඛ්‍යාවක් මේ වන විට ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවයි.
අධික වර්ෂාවත් සමග ඉරණමඩු ජලාශයේ වාන් දොරටු ද විවෘත කර තිබේ.
ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, විල්පත්තුව මන්නාරම මාර්ගයේ වැසි ජලයට හසුව බස් රථයක සිරවූ පිරිසක් අද අලුයම මුදා ගත් බවයි.
ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීමෙන් බස් රථයේ සිටි 70 කට අධික පිරිසක් එලෙස මුදා ගත් බව ද ඔහු සඳහන් කළේ ය.
ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් පුත්තමල - මන්නාරම ප්‍රධාන මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් මේ වන විට තාවකාලිකව වසා දමා ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවසී ය.
මේ අතර උතුර -නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.