මුන්දලම කලපුවට ඉස්සන් පැටව් ලක්ෂ 13ක් මුදා හරී

මුන්දලම කලපුවට ඉස්සන් පැටව් ලක්ෂ 13ක් මුදා හරී

by Staff writer 22-12-2018 | 4:10 PM
COLOMBO (News 1st) - පුත්තලම, මුන්දලම කලපුවේ ප්‍රථම වරට ඉස්සන් බෝ කිරීමේ ව්‍යාපෘතියක් ධීවර දෙපාර්තමේන්තුව ආරම්හ කර තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ යටතේ මුන්දලම කලපුවට ඉස්සන් පැටව් ලක්ෂ 13ක සංඛ්‍යාවක් මුදා හැරි බව ය. මුන්දලම කලපුවට අයත් කුඩිරිප්පුව, සමිදුගම, කට්ටකඩුව, පනිච්චිවිල්ලුව, පුනපිටිය, ආඩිමුනේ, උඩප්පුව යන ප්‍රදේශවල ධීවර සමිතිවල සාමාජිකයින්ට මෙම ව්‍යාපෘතිය මගින් සෙත සැලසෙනු ඇති.