ජනපති ඇමති හර්ෂට කියපු දේ...

by Staff writer 22-12-2018 | 8:41 PM
COLOMBO (News 1st) - පොදු සැපයුම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද කෝට්ටේ ආසනයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමට එක් විය. ප්‍රශ්නය - ඇමතිතුමණි, අමාත්‍ය ධූර දෙන්නේ මන්ත්‍රීවරු සතුටු කරන්න ද? යන එක නවත්තන්න ද ? අමාත්‍ය ධූරත් වැඩි වෙලා තියෙනවා. හර්ෂ ද සිල්වා - කැබිනට් නොවන අමාත්‍ය පොදු සැපයුම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ "මම විස්වාස කරනවා 30ක කැබ්නට් මණ්ඩලයක් තියා ගත යුතුයි කියලා. මම ඒක පක්ෂය ඇතුළේ කතා කරා. කණ්ඩායම ඇතුළේ කතා කළා. පාර්ලිමේන්තුව ඇතුළේත් කතා කළා. ඒ නිසා අපිට 113 අවශ්‍ය පුද්ගලයෝ මේ තියෙන නීති රාමුව ඇතුළේ අපිත් එක්ක ඇවිල්ලා වාඩි වෙනවා නම් අපිට ප්‍රශ්නයක් නෑ. ඒ කට්ටිය කැබිනට් එකට යවනවා නම් ඉන්න අය ඉල්ලා අස් වෙලා ඒ අය කැබ්නට් එකට යාපුවාවේ. මට ජීවිතේ පළමු වතාවට ඇමතිකමක් හම්බ වෙලා තියෙනවා. ඒකෙ කැබිනට් කියන කෑල්ල නෑ. ඉන්ඩිපෙන්ඩන්ට් චාන්ස්. මම ඇහුවා මොකක්ද මේකේ තියෙන වෙනස කියලා. එතකොට කිව්වා වෙනසක් නැහැ කැබිනට් එකට යන්න අවශ්‍ය වෙන්නේ තමන්ගේ කැබිනට් පෙපර් එකක් දාන දවසට තමයි කියලා. එහෙම නැත්නම් ප්‍රී කැබිනට් මීටින් එකක් තියලා කලින් දවසේ සියලුම කැබිනට් පත්‍රිකා සාකච්ඡා කරගෙන එනවා කියලා." ප්‍රශ්නය - දැන් ජනාධිපතිතුමන්ලා ඔබතුමන්ලා දාපු ලිස්ට් එක අඩු කරලා තියෙනවා. එහෙම නැත්තම් කිහිප දෙනෙකුට දෙන්න බෑ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඔබතුමා ඒක දකින්නේ මොන විදියට ද? පිළිතුර - "මම දන්නේ නැහැ. මං ගියාම ජනාධිපතිතුමා කිව්වා තෙරුවන් සරණයි මේ වැඩේ ඔබතුමාට ඉතා හොඳට කර ගෙන යන්න ආශිර්වාද කරනවා කියලා. මම දන්නේ නැහැ අනිත් කට්ටියට මොනවා කිවුවද කියලා. මට නම් එහෙම කිව්වා." ප්‍රශ්නය - අපි දකිනවා නම් ලිස්ට් එකක් ජනාධිපතිතුමා කැපුවා කියනවා. පිළිතුර - "අනේ මම දන්නෙ නැහැ. අගමැතිතුමා කිව්වා මාධ්‍යයෙන් සමහර මාධ්‍යයෙන් කියපු කතාවක් කියලා. බලමුකෝ මම දන්නේ නැහැ ඒ ගැන."