by Staff writer 22-12-2018 | 1:19 PM
COLOMBO (News 1st) : අත්හදා බැලීමකින් අනතුරුව චීනය පර්යේෂණ චන්ද්‍රිකාවක් කක්ෂගත කර තිබේ.
අන්තර්ජාල සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ හොන්ජුන් පර්යේෂණ මාලාවේ අත්හදා බැලීමක ප්‍රතිඵලයක් වශයෙන් දියත් කළ මෙම චන්ද්‍රිකාව හොන්ජුන් ව්‍යාපෘතියේ පළමු චන්ද්‍රිකාව වීම විශේෂත්වයකි.
2020 අවසානය වන විට හොන්ජුන් ව්‍යාපෘතිය මගින් තවත් අත්හදා බැලීම් 4 ක් දියත් කිරීමට සූදානම් බව එරට බලධාරීහු පවසති.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම ව්‍යාපෘතිය මගින් සන්නිවේදන කටයුතු පහසුකරගැනීමට විද්‍යාඥයින් බලාපොරොත්තු වන බවයි.