ගොඩගම, පින්නදූව හා කඩවත පිටවුම් අසල රථවාහන තදබදයක්

ගොඩගම, පින්නදූව හා කඩවත පිටවුම් අසල රථවාහන තදබදයක්

by Sagarika Chathumali 22-12-2018 | 7:52 AM
COLOMBO (News 1st) : දක්ෂීණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම, ගාල්ල පින්නදූව හා කඩවත පිටවුම් දොරටු අසල මේ වනවිට රථ වාහන තදබදයක්  පවතින බව වාර්තා වේ.  මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක සඳහන් කළේ, එම ස්ථානවල සියලු පිටවීමේ දොරටු විවෘත කර මේ වන විට වාහනවලට කඩිනමින් පිටවිම සඳහා පහසුකම් සලසා ඇති බවයි. එහෙත් රියැදුරන් දී ඇති උපදෙස් පිළි නොපැද තම වාහනය පිටවීමේ දොරටු අසලදී වෙනත් මන්තීරුවලට යොමු කිරිම හේතුවෙන් මෙම තදබදය උග්‍ර වී ඇති බව ඔහු පැවසී ය.