ගලබොඩ ඔයේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලී මරුට

ගලබොඩ ඔයේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලී මරුට

by Staff writer 22-12-2018 | 5:02 PM
COLOMBO (News 1st) - නාවලපිටිය, ගලබොඩ ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඥාති පිරිසක් සමග ඔවුන් අද පෙරවරුවේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇති බව ය. මිය ගොස් ඇත්තේ 13 සහ 42 හැවිරිදි හැටන් හිජිරාපුර පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුන්ගේ සිරුරු නාවලපිටිය මූලික රෝහලේ තැන්පත් කර තිබේ.