වීසා නොමැති විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

වීසා නොමැති විදේශිකයන් දෙදෙනෙකු වැලිගමදී අත්අඩංගුවට

by Staff writer 21-12-2018 | 2:22 PM
ආගමන විගමන නීතී උල්ලංඝනය කරමින්, වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශියකයින් දෙදෙනෙකු වැලිගමදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය  ලද තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මෙම සැකකරුවන් 22 සහ 27 හැවිරිදි වියේ පසුවන පාකිස්ථාන සහ ඊජිප්තු ජාතිකයින්වේ. මොවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ද පොලිසිය සඳහන් කරයි.