ශ්‍රී.ල.නි.ප.යට පිටුපෑ මන්ත්‍රීන්ට වැඩ වරදින ලකුණු

පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා - ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්

by Staff writer 21-12-2018 | 7:22 AM
COLOMBO (News 1st) - පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ඒ සඳහා විනය කමිටුවක් පත් කරන බව ය. පක්ෂයෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණය ඉදිරි සති දෙක ඇතුළත රැස්වන මධ්‍යම කාරක සභාවේදී ගන්නා බව ද ලේකම්වරයා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, එම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නැයි පසුගියදා රැස්වූ මධ්‍යම කාරක සභාවේදී ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ය. ඒ අනුව පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ලේකම්වරයා පැවසුවේ ය. පසුගිය 18 වන දා පාර්ලිමේන්තු රැස්වීම අතරතුර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 3 දෙනෙක් ආණ්ඩු පක්ෂයට එක්වූහ. විජිත් විජයමුණි සොයිසා , ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එලෙස ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් අයයි.