නිදන් හෑරූ 7 ක් මොරවැව දී අත් අඩංගුවට පත්වේ.

නිදන් හෑරූ හත් දෙනෙකු මොරවැව දී අත් අඩංගුවට පත්වේ.

by Staff writer 21-12-2018 | 10:23 AM
නිදන් ගැනීමේ අරමුණින් කැනීම් කළ සැකකරුවන් හත් දෙනෙකු ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ පොලිසිය සඳහන් කලේ, නොච්චිකුලම ආඩියාගල රක්ෂිතයේ නිදන් ගැනීම සඳහා කැනීම් කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සන්තකයේ තිබී හැමර් යන්ත්‍රයක්, වෑන් රථයක්, විදුලි ඩෙටනේටරයක්, ජංගම දුරකථන ඇතුළු කැනීම් උපකරණ පොලිසිය භාරයට ගෙන තිබේ. ඔවුන් 61, 60, 42, 36, 48, 58, සහ 39 යන වයස්වන පසුවන මහදිවුල්වැව, දෙහිඕවිට, කෙසෙලේවත්ත සහ දොඩංගොඩ යන ප්‍රදේශ වල පදිංචිකරුවන් ය.