ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 21-12-2018 | 6:52 AM
COLOMBO (News 1st)  1. මාස 4ක් සඳහා රජයේ වියදම් සඳහා අතුරු සම්මත ගිණුමක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ පත් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. 2. පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ලබන මස පළමු වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 3. මාස 10ක් තුළ වසර 10ක වැඩ සිදු කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 4. නැවත වරක් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 5. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ආණ්ඩුවට එක් වූ කිසිදු මන්ත්‍රීවරයෙකුට ඊයේ කැබිනට අමාත්‍ය ධූර හිමි නොවී ය. 6. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන පළමු වන දා නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ තීරණය කළා ය. 7. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරයි. 8. රුපියල් 50000ක අල්ලසක් ලබා ගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. විදෙස් පුවත් 9. සිරියාවෙන් අමෙරිකානු සෙබළුන් ඉවත් කර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ක්‍රීඩා පුවත් 10. ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බවට නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් පවසයි.