කේරළ ගංජා තොගයක් සමග හමුදා මේජර්වරයෙකු අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමග හමුදා මේජර්වරයෙකු අත්අඩංගුවට

by Staff writer 21-12-2018 | 11:14 AM
COLOMBO (News 1st) - අනුරාධපුර කූබිච්චංකුලම් වැව අසළදී කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි හිටපු යුධ හමුදා මේජර්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අනුරාධපුර අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව ය. සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 220ක් සහ මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. සැකකරු 45 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.